සඳමාලි, එච්.එම්.අයි.රණතිලක, එම්.බී.2025-11-252025-11-252017-10-12Peradeniya International Economics Research Symposium (PIERS) – 2017, University of Peradeniya, P 143 - 153978955589200523861568https://ir.lib.pdn.ac.lk/handle/20.500.14444/6988හැඳින්වීම පොදුවේ ගත්කල සහල් ගෝලීය වශයෙන් මෙන්ම ආසියාතික වශයෙන් ද ප්‍රධාන ආහාර ද්‍රව්‍යයකි. ලෝක ජනගහනයෙන් බිලියන 2.4 ක් ම තම පෝෂණ අවශ්‍යතාව වෙනුවෙන් සහල් පරිභෝජනය කරති. සහල් තුළින් ඔවුන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරාගනු ලබයි (Lampe 1995). එසේම IRRI (2013) වාර්තාවට අනුව ගෝලීය ඒක පුද්ගල ශක්ති පරිභෝජනයෙන් 1/4ක් පමණ සහල් පරිභෝජනයෙන් සපයාගත හැකි වේ. Peterson & Warren (1989) සිදුකළ අධ්‍යනයකට අනුව ශ්‍රී ලංකාව ද ඇතුළුව සහල් මූලික ආහාරය කොටගත් ආසියාතික රටවල් 14ක් හඳුනාගෙන තිබේ. ඒ බංගලාදේශය, බුරුමය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, නේපාලය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ තායිවානය යනාදිය යි. ආසියාතික රටවල් විසින් ලෝක සහල් නිෂ්පාදනයෙන් සියයට 90 ක් නිෂ්පාදනය සහ පරිභෝජනය කරනු ලබයි (ලොකුපතිරගේ 2012). ලෝක ජනගහනය වර්ධනය වීමට සමාන්තරව හරිත විප්ලවය තුළින් නව වී වර්ග හඳුන්වාදීම සහ පොහොර තාක්ෂණය වැඩිදියුණු වීම හේතුකොට ගෙන සහල් නිෂ්පාදන අංශයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණි (ලෝක ආහාර සහ කෘෂිකාර්මික සංවිිධානය 2012). පසුගිය දශක දෙකක කාලය තුළ චීනය, මැලේසියාව හා තායිලන්තය වැනි මැදි ආදායම් ලබන රටවල මස් සහ එළවළු වැඩිපුර පරිභෝජනය කර තිඛෙන අතර ධාන්‍ය වර්ග අඩුවෙන් පරිභෝජනය කර තිබේ. එසේම බංගලාදේශය, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය සහ පිලිපීනය වැනි මධ්‍යම අඩු ආදායම් ලබන ආසියාතික රටවල් බොහොමයක ඒක පුද්ගල සහල් පරිභෝජනය කාලයත් සමඟ ඉහළ යන තත්වයක් දක්නට ලැබේ. නමුත් මෑතකාලීනව ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය හා ශ්‍රී ලංකාව වැනි අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවල ආදායම ඉහළයාමත් සමඟ ඒක පුද්ගල සහල් පරිභෝජනය සෙමින් පහළ බසින තත්වයක් දක්නට ලැබේ (IRRI 2013). මෙලෙස තම ආදායම ඉහළයාමත් සමඟ මිනිසුන් තම භෝජන රටාව වෙනස් කිරීමක් දක්නට ලැඛෙන බැවින් ඒක පුද්ගල සහල් පරිභෝජනයේ වෙනස්වීමක් පවතී. නමුත් අඩු ආදායම්ලාභී රටවල්වල සමස්ත සහල් ඉල්ලූමේ ඉහළයාමක් පවතී. ඒ තම ශක්ති අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් උකහාගැනීම සඳහා තම ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් සහල් පරිභෝජනය වෙනුවෙන් වැය කිරීමෙනි. FAPRI (2013) වාර්තාවට අනුව 2010 වර්ෂයේදී මිලියන ටොන් 388ක් වූ ආසියාතික සහල් ඉල්ලූම 2035 වසර වනවිට මිලියන ටොන් 465ක් ලෙස වර්ධනය වන බව ප්‍රක්ෂේපනය කර තිබේ. ඒක පුද්ගල ආදායම් වර්ධනය වේගවත් වීම හා ජනගහන වර්ධන වේගය ඉහළයාමත් සමඟ මෙලෙස ගෝලීය වශයෙන් පවතින සහල් ඉල්ලූම් හා සැපයුම් ප්‍රවණතාවයන් මත ලෝක සහල් මිල නිරන්තරයෙන් උච්චාවචනය වන තත්වයක් හඳුනාගත හැකිය. ලෝක සහල් මිල අස්ථාවර ස්වභාවයෙන් පැවතීම එම රටවල සහල් නිෂ්පාදකයන්ගේ සහ අතරමැදිකරුවන්ගේ ආදායම් කෙරෙහි මෙන්ම ඉල්ලූම් කරුවන්ගේ පැහැදම කෙරෙහි ද නොයෙක් බලපෑම් සිදුකළ හැකියි. ප්‍රධාන ආහාර ද්‍රව්‍යයක් ලෙස පමණක් නොව රසකැවිලි නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය පාන වර්ග සැකසීම, සබන් සහ සේදුම් කාරකයන් නිෂ්පාදනය මෙන්ම පශු සම්පත් නිෂ්පාදනය සඳහා ද බොහෝ රටවල් සහල් ඉල්ලූම් කරති (IRRI 2013). එබැවින් සහල් මිල ඉහළයාම ගෝලීය වශයෙන් විවිධ පාර්ශවයන් කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි සාධකයකි. එනම් ඉහළයන සහල් මිල පාරිභෝගික ක්‍රයශක්තිය සහ ජීවන තත්වය කෙරෙහි බලපෑම් ඇතිකළ හැකි අතරම නිෂ්පාදන කර්මාන්තවල පිරිවැය ඉහළ ගොස් කර්මාන්ත බිඳවැටීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් උද්ධමනකාරී ස්වභාවයන් සහ සේවා වියුක්ති තත්වයන් පවා ඇතිකරන අර්බුධකාරී වාතාවරණයක් ද ඇතිකිරීමේ හැකියාවක් පවතියි. ආසියාතික රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ද සහල් සඳහා සමාජ, ආර්ථීක, දේශපාලනික හා සංස්කෘතික වැදගත්කමක් පවතී. ශ්‍රී ලාංකිකයන් අතිබහුතරයක් තම ප්‍රධාන ආහාරය වශයෙන් සහල් පරිභෝජනය කරති. ඔවුන් තම කැලරි අවශ්‍යතාවයෙන් සියයට 45 ක් ද ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් සියයට 40ක් ද සහල් පරිභෝජනයෙන් සපුරාගනු ලබයි (IRRI 2013). ඒ සඳහා එක් පුද්ගලයකු වර්ෂයකදී සහල් කිලෝග්‍රෑම් 100ක් පරිභෝජනය කරයි (ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2013). සහල් සඳහා වන ඉල්ලූම වර්ෂයකට සියයට 1.1 බැගින් ඉහළ යන බව ඇතැම් පුරෝකතන තුළින් හෙළිකරන අතර එම ඉල්ලූම සපුරාලීම සඳහා සහල් නිෂ්පාදනය වර්ෂයකට සියයට 2.9ක අනුපාතයකින් ඉහළ යා යුතුයැයි ගණන් බලා තිබේ (ශ්‍රී ලංකා මහ බැංකුව 2011). එපමණක් නොව පාරිභෝගිකයාගේ ප්‍රධාන ආහාර භෝගය සහ නිෂ්පාදකයාගේ හෝ අතරමැදිකරුගේ ප්‍රධාන ඉපයීම් මාර්ගය ලෙස ද සේවා නියුක්තිය ඇතිකරන රැකියා මූලාශ්‍රයක් ලෙස ද සහල් නිෂ්පාදන අංශය වැදගත් වේ. ලොකුපතිරගේ (2012) පර්යේෂණයට අනුව මුළු ශ්‍රම බලකායෙන් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් ඍජුවම හෝ වක්‍රවම සහල් හා වී නිෂ්පාදන අංශය හා සම්බන්ධ වේ. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් මිලියන 1.8කට වැඩි ප්‍රමාණයක් තම ජීවන උපාය වශයෙන් මෙම අංශයේ නියලෙන බව හඳුනාගනී. දේශීය සන්දර්භය තුළ ද සහල් මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වන ස්වභාවයක් හඳුනාගත හැකි වේ. කාලගුණික හා දේශගුණික වෙනස්වීම්වලට අනුව සහ අස්වනු නෙළන වාරයන්හි විවිධත්වය අනුව සිදුවන අපේක්ෂිත විචලනයන් මෙන්ම අනපේක්ෂිත මිල කම්පනයන් ද ඒ අතර විය හැකියි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවන්ට අනුව 2008 වර්ෂයේදී අසාමාන්‍ය ලෙස ඉහළ ගිය වාර්ෂික සාමාන්‍ය සහල් මිල 2011 වසර වනවිට ක්‍රමයෙන් පහළ බැස තිඛෙන අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් හා වෙළඳපොළ තත්වයන්ට ප්‍රතිචාර දක්වමින් 2012-2016 කාලය තුළ සහල් මිල ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබුණි. සහල් මිල අර්බුදය ප්‍රබල වීමක් 2017 වසර ආරම්භයේදී හඳුනා ගැනීමට හැකිවුණි. 2016 වර්ෂයේ නොවැම්බර් මාසය වනවිට රුපියල් 86.20ක පැවති නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල 2017 වර්ෂයේ ජනවාරි මාසය වනවිට 96.26ක් ලෙස ඉහළ යාමෙන් එය තහවුරු වේ (ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේනතුව 2017). මෙය රටතුළ සහල් හිඟයක් නිර්මාණය කිරීමට පවා හේතු විය. මෙලෙස නිරන්තරයෙන් සහල් මිල උච්ඡාවචනය වීම දේශීය ආර්ථීක කාරකයන් කෙරෙහි නොයෙක් අයුරින් බලපෑම් කරයි. මිල ඉහළයාම පාරිභෝගික ක්‍රයශක්තිය, ජීවන තත්වය හා දරිද්‍රතාවය මත මෙන්ම කාර්මික නිෂ්පාදන අංශයේ වැටුප් පිරිවැය හා නිෂ්පාදන ඵලදායිතාවය කෙරෙහිද බලපෑම් ඇතිකළ හැකියි. එමෙන්ම ඉතුරුම් හා ආයෝජන කෙරෙහිද බලපෑම් ඇතිකළ හැකියි. ඉහළ සහල් මිල ග්‍රාමීය ප්‍රදේශවල අඩු අධ්‍යාපනලාභී ශ්‍රමිකයන් උත්තේජනය කරයි. එය දීර්ඝකාලීනව ග්‍රාමීය අංශයේ ශ්‍රමික වැටුප් ඉහළ යාමට හේතුවිය හැකියි. ඒ තුළින් වැටුප් ශ්‍රමික කුටුම්බ සහ ස්වයං රැකියාවල නියුතු ගොවීන් ප්‍රතිලාභ ලබති. සහල් මිල නිරන්තරයෙන් ඉහළයාම ආහාර මිල උද්ධමනයකට ද මගපාදයි. එය පොදු මිල මට්ටම ඉහළගොස් උද්ධමනකාරී තත්වයන් පවා ඇතිවීමට හේතුවිය හැකි අතරම ඒ හේතුවෙන් පසුකාලීනව සේවා වියුක්තිය වැනි සාර්ව ආර්ථීක අස්ථායිතාවයන් ඇතිකිරීමට පවා හේතුවිය හැකියි. ඉහළ සහල් මිල ජාත්‍යන්තර ආර්ථීක තරඟකාරිත්වය සීමා කිරීමට හේතුවිය හැකි අතරම ආහාර මිල අනපේක්ෂිත සහ අවිනිශ්චිත ලෙස උච්ඡාවචනය වන තරමට රටක දේශපාලනික ස්ථාවරත්වය ද අනපේක්ෂිත වේ. එමෙන්ම සහල් නිෂ්පාදකයාගේ ආදායම තීරණය කරන ප්‍රධාන සාධකය ලෙස ද වැදගත්වන “ශ්‍රී ලංකාවේ දේශීය සහල් මිල” තීරණය වීම කෙරෙහි බලපාන සාධක විමර්ශනය කිරීම කාලීන වශයෙන් වැදගත්කමක් උසුලයි. එමෙන්ම සහල් මිල තීරණය වීමට බලපාන සාධක සහල් මිල සමඟ පවත්නා කෙටිකාලීන හා දිගුකාලීන සබඳතාව සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කිරීම සහ මෙම සාධක අතුරින් බලාත්මක සාධක හඳුනාගැනීම මේ තුළින් අධ්‍යනය කිරීමට අපේක්ෂා කරයි.otherදේශීය සහල් මිලඋච්චාවචනයබලපෑම් සාධකශ්‍රී ලංකාවේ දේශීය සහල් මිල තීරණය වීමට බලපාන සාධකArticle