Rajapaksha, A2025-10-162025-10-162016-12Sambhavana, 2015/2016, vol IX, (issue 20), P 15-39https://ir.lib.pdn.ac.lk/handle/20.500.14444/5422පසුගිය දශක කීපය තුළ උරුමය ගෝලීයකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ජගත් උරුම ක්ෂෙත්‍රයන්හි උරුම සංරක්ෂණ ප්‍රතිපත්ති මූලධර්ම සහ ප්‍රවේශ සෘජුවම බටහිර බලපෑමට ලක් වී ඇත. බටහිර සංස්කෘතික සන්දර්භයන් තුළ ඉතා හොඳින් භාවිතා කළ හැකි යැ යි ඔවුන් විශ්වාස කරන සමහර න්‍යාය සහ සංකල්ප වෙනත් සංස්කෘතික පසුබිම් තුළ සාර්ථකව යොදා ගැනීම අපහසුය. මෙහි අරමුණු වන්නේ බටහිර උරුම සංරක්ෂණ ප්‍රතිපත්ති, මූලධර්ම ප්‍රවේශ සහ ක්‍රියාවලින් ශ්‍රී ලංකා පූජනීය උරුම ක්ෂෙත්‍ර සන්දර්භය තුළ කෙතරම් ප්‍රායෝගිකව භාවිත කළ හැකි ද යන්න පරික්ෂා කිරීමය. මෙම අධ්‍යයනයට බඳුන්වන පූජනීය නගරය වන අනුරාධපුරය ජගත් පරිමාණයෙන් ඉතා වැදගත් ජීවමාන පූජනීය උරුම නගරයක් (Living sacred heritage city)වන අතර, ආසියාකරයේ ආගමික උරුම ස්ථානයන්ගේ සුවිශේෂත්වයක් වන ජීවමාන බව (Livingness) සහ පූජනීයත්වය (Sacredness) මෙන්ම ඒ හා බැඳුණු සංස්කෘතික අගයන් ප්‍රකට කෙරෙන ලෝක උරුම ස්ථානයක් ද වේ. අනුරාධපුර පූජා නගරයේ එදා මෙදාතුර සංරක්ෂිත ප්‍රධාන ස්මාරක 4ක් ප්‍රත්‍යක අධ්‍යයන ලෙස තොරාගෙන සිදුකරන ලද අධ්‍යයන තුළින් අපේක්ෂා කරනුයේ මධ්‍යස්ථ දෘෂ්ටිකෝණයකින් උරුම සංරක්ෂණයේ සාර්ථකත්වය, තිරසාරභාවය තත් උරුමයේ බහුවිධ හවුල්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් ඇගයීමකට ලක් කිරීම ය. උරුම කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ඉතා විවේචනාත්මකව සංවාදයට බඳුන්ව වන ගැටලු වනනේ උරුමය කාගේ ද? කවුරුන් විසින් නිර්වචනය කරනු ලබන්නේ ද? කවුරුන් සඳහා ද? කෙසේ සංරක්ෂණය කළ යුතු ද? සංරක්ෂණය කළ යුත්තේ ඇයි ? කවුරුන් සඳහා සංරක්ෂණය කරන්නේ ද? ආදියයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මට්ටමින් හා ජාතික මට්ටම්වලින් උරුමය ආරක්ෂා කිරීම හා කළමනාකරණය සම්බන්ධ වන නීති ඊති සහ සම්මුති සකස් වීමේ ප්‍රවණතාවක් දැක ගත හැකි අතර, එම බටහිර කේන්ද්‍රීය ද්‍රව්‍ය මූල සංරක්ෂණ ප්‍රවේශයන්ගේ සුවිශේෂත්වයක් වන්නේ ඇතැම් ආගමික පූජනීය උරුම ක්ෂේත්‍රයන්ගේ සංකීර්ණ ජීවමාන මානය ආමන්ත්‍රණය කිරීමට සමත් නො වන සරල සහ රේඛීය භාවයයි. මෑත කාලීනව ජාත්‍යන්තර හා කලාපීය මට්ටමින් ආගමික පූජනීය හා ජීවමාන උරුමයන් පිළිබඳව සැළකිය යුතු සංවාදයක් දියත් වී ඇතත්, ප්‍රායෝගිකව බටහිර උරුම සංරක්ෂණ හා කළමනාකරණ සංකල්ප මත පදනම් වූ උරුම ක්ෂේත්‍ර සංරක්ෂණයේ දී හා කළමනාකරණයේ දී තවමත් සංරක්ෂණ වෘත්තිකයින් විසින් දේශීය ප්‍රජාවන් හා දේශීය ඇගයුම් ආන්තිකකරණයට ලක් කිරීමක් සිදු වෙමින් පවත්නා බව පිළිගත් මතයකි. 1962 වසරේදී දියත් වූ වැනිස් ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව ද ඇතුඵ බොහෝ රටවල උරුම සංරක්ෂණයේ හස්තසාර ලේඛනය වූ අතර, 1972 ජගත් උරුම ප්‍රඥප්තිය හරහා උරුමය සංකල්පය ගෝලීයකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ජගත් සංරක්ෂණ ප්‍රමිතීන් හා නිර්ණායකයන්ගේ ආධිපත්‍යය යුනෙස්කෝ (UNESCO), අයිකොමොස් (ICOMOS) වැනි ජාත්‍යන්තර ආයතන හරහා ස්ථාපිත වන්නට විය. මෙසේ ජාත්‍යන්තර ප්‍රඥප්ති හා සම්මුති හරහා ස්ථාපිත වන ජගත් උරුම සංරක්ෂණ ප්‍රතිපත්ති සහ මූලධර්ම තුළින් උරුමයේ භෞතික මානය සංරක්ෂණය කිරීම අවධාරණය කෙරුණ ද, ඒ හා බැඳුණු අර්ථය කෙරෙහි සැලකිල්ලක් නො දැක්විණි. පසුගිය දශක කීපය තුළ ලොව පුරා විවිධ රටවල සංස්කෘතික උරුමයේ විවිධත්වය නොසලකා බටහිර ගුරුකුලයේ සංරක්ෂණ ප්‍රතිපත්ති සහ මූලධර්ම යොදා ගැනිණ. මෙම විද්‍යාත්මක ද්‍රව්‍යමූල සංරක්ෂණ ප්‍රතිපත්ති ඒවා ක්‍රියාවට නැගුණු රටවල උරුමය හා ප්‍රජාව අතර පැවති සහජීවන සහසම්බන්ධතාව යම් ප්‍රමාණයකට දුරස් වීමට හෙතු විය. රාජ්‍ය උරුම අධිකාරින් විසින් පූර්ණ ලෙස ජීවයක් නොමැති ස්මාරක හා ක්ෂේත්‍ර සඳහා අනුගත ප්‍රතිපත්ති ආගමික පූජනීය ජීවමාන උරුම ස්මාරක හා ක්ෂේත්‍ර සඳහා වෙනසකින් තොරව යොදා ගැනීමට යාම අර්බුද රැසකට මුල විය.otherඋරුම සංරක්ෂණයසංස්කෘතික උරුමජීවමාන පූජනීය උරුමඅනුරාධපුර නගරයගෝලීයකරණයඋරුමය ගෝලීයකරණය වීම තුළ ශ්‍රී ලාංකේය ජීවමාන පූජනීය උරුම ක්ෂේත්‍ර සංරක්ෂණයේ දිශානතිය සහ අර්බුදයArticle