DSpace 7
DSpace is the world leading open source repository platform that enables organisations to:
- easily ingest documents, audio, video, datasets and their corresponding Dublin Core metadata
- open up this content to local and global audiences, thanks to the OAI-PMH interface and Google Scholar optimizations
- issue permanent urls and trustworthy identifiers, including optional integrations with handle.net and DataCite DOI
Join an international community of leading institutions using DSpace.
The test user accounts below have their password set to the name of this software in lowercase.
- Demo Site Administrator = dspacedemo+admin@gmail.com
- Demo Community Administrator = dspacedemo+commadmin@gmail.com
- Demo Collection Administrator = dspacedemo+colladmin@gmail.com
- Demo Submitter = dspacedemo+submit@gmail.com

Communities in DSpace
Select a community to browse its collections.
Recent Submissions
Item type: Item , ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු අංශයේ ඵලදායීතාව කෙරෙහි බලපාන සාධක(University of Peradeniya, 2017-10-12) අප්සරා චතුරංගනී, කේ. ආර්.; කරුණාරත්න, කේ. එම්. ආර්.හැඳින්වීම තේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ මූලික විදේශ විනිමය ඉපැයීම් මූලාශ්‍රයක් වේ. තේ වගාව මූලිකව ම වතු අංශය හා කුඩා තේ වතු අංශය ලෙස කොටස් දෙකකින් යුක්ත ය. ව්‍යවස්ථාවට අනුව කුඩා තේ වතු යන්න අර්ථ දක්වන්නේ තේ වගා කරන අක්කර 20 කට වඩා අඩු භූමි ප්‍රදේශයක් පවතින්නක් යනුවෙනි (සුබසිංහ ඇතුළු පිරිස, 2013). ඕනෑම නිෂ්පාදනයක් සඳහා යොදාගනු ලබන යෙදවුම් හා නිමැවුම් අතර අනුපාතික සම්බන්ධතාවය ඵලදායීතාවය ලෙස අදහස් වේ. නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ දී යෙදවුම් කොපමණ හොඳින් භාවිත කරන්නේ ද යන්න ඵලදායීතාවය තුළදී සලකා බැලීම සිදු කරයි. නිෂ්පාදනයක් සිදු කිරීමේ දී යෙදවුම් නිසි ලෙස මෙහෙයවන්නේ නම් ඵලදායීතාවය ඉහළ නැංවිය හැකිය. තේ වගාවේ ඵලදායීතාවය කෙරෙහි බලපාන සාධක විශාල ප්‍රමාණයක් පවතී. තේ වගාව සඳහා අවශ්‍ය ප්‍රශස්තම උෂ්ණත්වය සෙල්සියසස් අංශක 22 ⁰C පමණ වේ. විවිධ තේ වගා කරන කලාප වල තේ වගාව සඳහා අවශ්‍ය උපරිම වර්ෂාපතනය මසකට මිලිමීටර 223 සිට මිලිමීටර 417 අතර ප්‍රමාණයක් තුළ විචලනය වෙමින් පවතී (විජේරත්න ඇතුළු පිරිස 2007). යෙදවුම් නිසි ලෙස වගාව සඳහා යෙදීම තුළින් තේ වගාවේ ඵලදායීතාව ඉහළ නංවා ගත හැකි ය. විදේශ විනිමය කෙරෙහි ප්‍රබල දායකත්වයක් සපයන තේ කර්මාන්තයෙහි ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම රටේ දළ දේශීය නිෂ්පාදිතයට යහපත් වීම හේතුවෙන් තේ අංශයේ ඵලදායීතාවය විමසා බැලීම වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ තේ නිෂ්පාදනය අපනයන මූලාශ්‍රයක් ලෙස මෙන් ම පරිභෝජන මූලාශ්‍රයක් ලෙස ද හඳුනාගත හැකිය. කුඩා තේ ඉඩම්වල ඵලදායීතාවය දියුණු කර ගැනීමට නම් යහපත් කළමනාකරණයක් හා කාර්යක්ෂම පාලනයක් පැවතීම අවශ්‍ය වේ. එසේම තේ වගාවේ නිෂ්පාදන වියදම අඩු කිරීමට ඉවහල් වන ක්‍රම සැකසීම තුළින් ද තේ වගාවේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සිදු කළ හැකිය. ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආශ්‍රිතව කුඩා ඉඩම් යොදාගෙන තේ වගාව සිදු කරනු ලබයි. ඒ අතරින් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය ආශ්‍රිතව පවතින කුඩා තේ වතු අංශයේ ඵලදායීතාවයේ ස්වභාවය හා ඵලදායීතාව සඳහා බලපාන සාධක සොයා බැලීම මෙම අධ්‍යයනය මඟින් අපේක්ෂා කරයි.Item type: Item , කුඩා පරිමාණ කර්මාන්තයන්හි බැංකු ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක(University of Peradeniya, 2017-10-12) තිලකවර්ධන, එම්.එම්.ඒ.එන්.; රණතිලක, එම්. බී.හැදින්වීම කුඩා පරිමාණ කර්මාන්ත ආර්ථීක සංවර්ධනය කරා ගමන් කිරීමේ දි ප්‍රබල දායකත්වයක් ලබා දේ. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය ශ්‍රී ලංකා රජයේ සමස්ත අරමුණු තුළ වැදගත් අංශයක් ලෙස හඳුනාගත හැක්කේ සියලූ අංශ ඇතුලත්වන ආර්ථීක වර්ධනය, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා උත්පාදනය හා දිළිදුකම පහත හෙළීම සඳහා වු වෙනස්කම්වල ගාමක බලවේගය බැවිනි (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ජාතික ප්‍රතිපත්ති රාමුව, 2015). කුඩා පරිමාණ කර්මාන්ත ආර්ථීක සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීය වශයෙන් දායක වන බවට මෑත කාලයේ විශාල වශයෙන් නව සාහිත්‍යයක් ගොඩ නැගෙමින් පවතී. ශ්‍රී ලංකාව වැනි රටක පවතින විභවතාව මත කුඩා පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම ඉතා පහසු හා සුලබ වී තිබේ. නමුත් තත්ත්වය එසේ වුව ද ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවත්නා රටවල කුඩා පරිමාණ කර්මාන්තයන් හා ව්‍යාපාර විශාල අර්බුධකාරී මෙන්ම අපහසුතාවන්ට මුහුණ පා ඇති බව පැහැදිලි වේ. බොහොමයක් කුඩා පරිමාණ කර්මාන්ත අරම්භ කර ටික කාලයකින්ම වැසී යන්නේය. එයට විවිධ හේතුන් බලපෑ හැකිය. එනම් ප්‍රාග්ධන හිඟකම, මුල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අපහසුතා, විවෘත ආර්ථීක ප්‍රතිපත්ති සමඟ තරඟ කිරීමට නොහැකි වීම ආදියයි. ප්‍රත්‍යක්ෂමූල සාක්ෂි පෙන්වන්නේ ව්‍යවසායකයා ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා තෘප්ත කර ගැනීමේදි අසීරුතාවලට මුහුණ දෙන බවයි (විඡේතුංග 2008). මුල්‍ය ප්‍රාග්ධන හිඟකම තෘප්තකර ගැනිමේදි කුඩා පරිමාණ කර්මාන්ත විධිමත් හෝ අවිධිමත් අංශයන් ගෙන් ණය ගැනීමට පෙළබේ. එසේ බාහිර ණය ගැනිමේ දි විශේෂයෙන්ම බැංකු ණය කෙරෙහි යොමු වීම දක්නට ලැබේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි වර්ධනයට හා සඵල වීමට මෙන්ම ආර්ථීක පරිසරයක් නිර්මාණය කිරීමට බැංකු මූල්‍යනය සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වෙතත් ශ්‍රි ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බැංකු මූල්‍යයනයට ප්‍රවේශ වීමේදී සැළකිය යුතු බාධාවන්ට මුහුණ දීමට සිදුවේ (පණ්ඩුල 2015). බැංකු ණය ඉල්ලූම් කිරීමේ දී සාර්ව ආර්ථීක සාධක, ප්‍රාදේශීය සාධක, ආයතනයේ අභ්‍යන්තර තත්ත්වය ආදිය බලපායි. නමුදු කුඩා පරිමාණ කර්මාන්තවල බැංකු ණය සඳහා ප්‍රවේශයේ ගැටළුකාරි තත්ත්වයන් හා කුඩා පරිමාණ කර්මාන්තවල බැංකු ණය කෙරෙහි බලපාන සාධක පිළිබඳ හඳුනා ගැනීමට වැදගත් වේ. කුඩා පරිමාණ කර්මාන්තවල මුල්‍ය ගැටළු පිළිබඳව විවිධ පර්යේෂණ සිදුව තිබුණ ද කුඩා පරිමාණ කර්මාන්තවල ඇති බැංකු ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක පිළිබඳ අධ්‍යයන ඉතා විරලය. ඒ තුළ ද ණය ඉල්ලූම සඳහා බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක පිළිබඳ ශ්‍රී ලංකාවට අදාළව එක් පර්යේෂණයක් හෝ සිදුවී නොමැත. නමුත් ආයතනයේ අභ්‍යන්තර සාධක ණය ඉල්ලූම කෙරෙහි බලපාන ආකාරය අධ්‍යයනය කිරීම වැදගත් වේ. එහිදී කුඩා පරිමාණ කර්මාන්තවල ණය ඉල්ලූම් ප්‍රමාණය තිරණය කරන අභ්‍යන්තර සාධක හඳුනා ගැනීම මෙන්ම ඒවා ණය ඉල්ලූම කෙරෙහි කොපමණ ප්‍රමාණයෙන් බලපෑම් කරන්නේ ද? හා එය කුමන ආකාරයේ බලපැමක් ද? යන්න පිළිබඳව මෙහි අධ්‍යයන ගැටළුව ලෙස වැඩිදුර විශ්ලේෂණය හා පැහැදිලි කිරීම සිදු කරයි. මෙම අධ්‍යයනයේ අරමුණ කුඩා පරිමාණ කර්මාන්තවල බැංකු ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක හඳුනා ගැනීම හා එම සාධකයන් ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපෑම පරීක්ෂා කිරිමයි. එහිදි ව්‍යවසායකයාගේ වයස, ව්‍යවසායකයාගේ අධ්‍යාපන මට්ටම, ව්‍යවසායකයාගේ ස්ති්‍ර/පුරුෂ භාවය, පවුලේ විශාලත්වය, ආයතනයේ වත්කම් ප්‍රමාණය, ආයතනයේ ආරම්භක ප්‍රාග්ධනය, ණයක් ලබා ගැනීමට ගතවන කාලය, බැංකුවට ඇති දුර ආදි සාධක ණය ඉල්ලූම් ප්‍රමාණයට බලපාන ආකාරය හඳුනා ගැනීමට කටයුතු කරයි. අධ්‍යයනයේ සංගහනය ලෙස නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලූ කුඩා පරිමාණ නිමවුම් කර්මාන්තයන් (ආයතන 324) ද නියදිය ලෙස සරල සසම්භාවීව ආයතන 60ක් ද තෝරා ගෙන තිබේ. ප්‍රශ්නාවලී හා සම්මුඛ සාකච්ඡාවන් මඟින් දත්ත රැස් කිරීම සිදු කෙරේ. නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩා පරිමාණ නිමවුම් කර්මාන්ත ආයතන 60කින් ලබා ගන්නා ප්‍රාථමික දත්ත ඇසුරින් ප්‍රතිපායන ආදර්ශයක් ගොඩනගමින් දත්ත විශ්ලේෂණය සිදුකර තිබේ.Item type: Item , ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ සංඛ්‍යාත්මක අඩුවීමට සාපේක්ෂව ආර්ථීකයේ අසමානතාවය වෙනස්වීම(University of Peradeniya, 2018-11-09) තෙන්නකෝන්, ඉසුරු සම්පත්හැදින්වීම ගෝලීය සංවර්ධන සන්දර්භය තුළ දරිද්‍රතාවය යන සංකල්පය වර්තමානය වන විට සංවර්ධන ගැටළුවක් වශයෙන් සියලූම ආර්ථීකයන් පොදුවේ මුහුණදෙන ගැටළුවක් බවට පත් වී තිබේ. දරිද්‍රතාව යන සංකල්පය ගෝලීය වශයෙන් හඳුනා ගැනීමේ දී මුල් කාලයේ දී දරිද්‍රතාව යන්න මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන සම්පත් හිඟතාවය ලෙස හඳුනාගනු ලැබුණු අතර වර්තමානය වන විට එය විස්තීර්ණ සංකල්පයක් බවට පත්ව තිබේ. දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබඳව වන කතිකාව ශ්‍රී ලංකාව තුළ මූලිකව සාකච්ඡාවට බඳුන් වීම ඇරඹෙන්නේ 1940 දශකයේ සිට ය (ආර්ථීක විමසුම, මහජන බැංකුව). ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව තුරන්කිරීම හා අසමානතාවය අවම කිරීම සඳහා වන අවශ්‍යතාවය ඒ අනුව 1940 දශකයේ සිට මෙරට ඉස්මතු විය. ඒ අනුව මෙරට දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන විවිධ වැඩසටහන් ක්‍රියාවට නන්වන ලදී. ඒ අනුව ක්‍රියාත්මකවන ලද ආහාර සහනාධාර වැඩසටහන (1940), ආහාර මුද්දර ක්‍රමය (1979), ජනසවිය (1988), සමෘද්ධි සහනාධාර වැඩසටහන (1994) ආදි වැඩසටහන් ප්‍රධාන වේ. වසර 2018 වන විට දරිද්‍රතාවයේ සැළකියයුතූ ප්‍රතිශතක අඩුවීමක් පෙන්නුම් කරන අතර ඊට සමගාමීව සම්පත් ඛෙදීයාමේ විෂමතාවයට සිදුවී තිඛෙන බලපෑම අධ්‍යනය මේ ඇසුරෙන් අපේක්ෂා කෙරේ. දරිද්‍රතාවය යනු ගෝලීය සංවර්ධන ගැටලූවකි. දරිද්‍රතාවය හෙවත් දුප්පත්කම යන්න සරලව හදුන්වාදිය හැක්කේ අවම වශයෙන් මූලික අවශ්‍යතාවන් වත් සපුරාගත නොහැකි තත්වයක් ලෙසය (මූලික අවශ්‍යතා ප්‍රවේශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1970). එහෙත් දරිද්‍රතාව සඳහා වන නිශ්චිත නිර්වචනයක් නොමැති අතර විවිධ නිර්වචනයන් පවතී. දරිද්‍රතාවය යනු ප්‍රමාණවත් නොවන ආර්ථීක සම්පත් හා පරිභෝජනය සමඟ සම්බන්ධ වී ඇති ශාරීරික හා මානසික යහපැවැත්මේ හිඟකමයි (Baratz & Grigsdby 1971). දරිද්‍රතාවය යනු තනි පුද්ගලයෙකු හෝ කුටුම්බයක් විසින් තම මුලික අවශ්‍යතාවයන් හොදින් සපුරා ගැනීමේ ඉඩප්‍රස්ථා වලින් බැහැරව, තිරසාරත්වය හා යහපැවැත්මෙන් යුතුව ජීවත්වීමේ තත්වය අහිමි කිරීමට හේතුවන්නකි (Barat,2007). එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනයට අනුව දරිද්‍රතාව යනු තෝරා ගැනීම් අවස්ථාවන්හි පවතින හිඟ කමයි. මේ අනුව දරිද්‍රතාවය හුදෙක් මුල්‍යමය හිඟකමක් හෝ ආර්ථීකමය හැකියාවන්ගේ අඩුකමක් ලෙස අර්ථ දැක්විය නොහැකිය. එය සමස්ත ආර්ථීක, සමාජ, දේශපාලනික හා සංස්කෘතිකමය ඌනතාවයන් ඇසුරින් ඉස්මතුවන තත්වයක් ලෙස පොදුවේ නිර්වචනය කළ හැකිය.Item type: Item , Shedding a light on innovation: traditional medicine in Sri Lanka(University of Peradeniya, 2018-11-09) Saha, D.; Vasuprada, T.M.; Sharma, R.Introduction Western medicine, with recent advances in biotechnology and advanced standards for proving efficacy of cure and safety of drugs, has become the mainstream pharmaceutical intervention in healthcare relegating traditional cures to a subaltern space. This sharp change in preferred method for medical care is evident in most South Asian countries. Most of these countries have had thriving practices of traditional medicines in the past. For instance, Ayurveda has long been practiced in India and Sri Lanka, Unani in the ancient Arab world, and Siddha medicines in the state Tamil Nadu of India. A standard problem with traditional medicine is the yardstick of quality and efficacy of cure. Western medicine has employed institutions like clinical trials, standardization, patenting of therapeutic molecules, research establishing biochemical equivalents between patented and generic drugs to address this issue. The design of these institution help bypass or solve the problem of asymmetric information that exists between drug manufacturers on the one hand and medical practitioners and patients on the other. Though many of these institutions create additional problems (patent thickets and enhanced drug prices for patented cures), it is an undeniable fact that the absence of some of these institutions prevent appropriate dissemination of information about quality of herbal drugs and their curative properties. All pharmaceutical research, be it traditional or western, share or have some commonality in their discovery process. Traditional medicine, till recently, has shied away from standards established by western medicines regarding novelty (patents) or efficacy of cure (clinical trials) (Saha & Vasuprada, 2018). The abundance of practitioners who have little scientific knowledge might have been the reason for the decline of the systems of traditional medicine. It is also becoming increasingly hard to distinguish between the quack and the real doctor in the latter discipline of medical cure at present. The decline could also possibly be due to the patient‘s preferences for the kind of treatment they want to go for. Glynn & Heymann (1985) find that western medicine is dominant due to the reasons that it exhibits efficacy of cure, places no dietary restrictions, and also that the government provides free treatment as opposed to Ayurvedic treatment. So, problems like fractures, mental illnesses among various others, lie in the realm of indigenous medical systems, whereas others which demand immediate action attract western medicine. In all, the demand and practice of traditional medicine is under the shadow of great doubt and hence looking at the status of research and innovation in traditional medicine becomes important to shed light on the process by which a dominant system of medicine becomes marginalized.Item type: Item , Development and application of computer vision-based touchless HMI system for ATM systems in COVID-19 pandemic(Postgraduate Institute of Science (PGIS), University of Peradeniya, Sri Lanka, 2022-10-28) Supunsara, M.G.D.; Indunil, O.R.D.; Rathnayake, A.M.B.; Vidanapathirana, A.C.; Thevathayarajh, T.COVID-19 is a pandemic that is spreading rapidly worldwide. Direct contact with an infected individual is one form of transmission. This spread has a more prominent possibility in public areas such as ATMs (Automatic Teller Machines) that people use by touching. The spread would be much more significant if an infected person used such products. This research aims to analyze and convert a traditional touch-based ATM system into a touchless computer vision-based system. A new HMI (Human Machine Interface) application was developed for the system to be a more gesture-friendly interface to interact. The new system was able to replace the touch base operations of the old system with hand gestures. A separate health- checking unit was also developed with the touchless computer vision-based system. When an individual entered to use these systems, the health conditions of the person were checked by the health check unit. The unit mainly checks each individual's body temperature, saturated O2 level, and pulse rate. Next, if the users' health data is normal, the individual can proceed to use the HMI ATM application. The data gathered by the health check unit was sent to a cloud server so these data could be stored and used to analyze the health conditions of the people using these systems for a certain period. A mobile application was also developed to gather user data on who uses the device and integrate health check data for each individual. This prototype displayed an ecosystem for integrating the health check unit and the touchless ATM application.