පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමින් ආර්ථික විද්‍යා විෂය හැදෑරීමේ වර්තමාන ප්‍රවනතාව

dc.contributor.authorදොරබාවිල, එස්.
dc.contributor.authorගුණසේකර, වී. ජී. එස්.කේ.
dc.date.accessioned2025-11-12T04:12:17Z
dc.date.available2025-11-12T04:12:17Z
dc.date.issued2014
dc.description.abstractහැදින්වීම‍ : ආර්ථික විද්‍යාව යනු අතීතයේ මෙන්ම වර්තමානයේ ද පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමින් අධ්‍යයනය කෙරුනා වූ ප්‍රායෝගික දැනුම් සම්භාරයකින් සමන්විත වඩාත් කාලෝචිත වූ විෂය ධාරාවකි. ආර්ථික විද්‍යාඥයන් විසින් වර්තමානයේ ආර්ථිකයේ පවතින වඩා තරගකාරි හා ගෝලීය කරණයට බර වූ විවෘත බව හේතුවෙන් ආර්ථික විද්‍යා විෂය සඳහා පවතින වටිනාකම වඩා අවධාරණය කරනු ලබයි. නමුත් Webber and Mearman (2009) විසින් සිදු කරන ලද අධ්‍යයනය අනුව පෙන්වා දෙන්නේ 1980 සිට එක්සත් රාජධානියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (අපොස උ.පෙළ) විභාගය සඳහා ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ප්‍රමාණයේ හාඋපාධි මට්ටමින් ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ප්‍රමාණයේ ක්‍රමයෙන් පහළ යෑමක් හදුනාගත හැකි බවයි. Siegfried (2000) විසින් ද ඊට සමාන අධ්‍යයනයක යෙදෙමින් එක්සත් ජනපදයේ ද ආර්ථික විද්‍යා විෂය සඳහා ලියාපදිංචි වන සිසුන් ප්‍රමාණයේ ක්‍රමයෙන් පහළ යාමක් පවතින බව දක්වා ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පල කරන ලද දත්ත අනුව ලංකාව තුළද ආර්ථික විද්‍යා විෂය හැදෑරීම සඳහා පාසල් මට්ටමින් යොමුවන සිසුන් ප්‍රමාණයේ පැහැදිලි ප්‍රතිශතාත්මක පහළ යාමක් හදුනාගත හැකි අතර විශ්ව විද්‍යාල මට්ටමින්ද මෙම තත්ත්වය එසේම පවතින බව බොහෝ දෙනෙකුගේ මතයයි. රටක් සම්බන්ධයෙන් සළකා බැලූ විට ගතික ආර්ථික විචල්‍යයන් පාලනය සඳහා ආර්ථික විද්‍යාත්මක ක්‍රම වේදයන් ඉතා වැදගත් වන අතර ආර්ථිකමය වශයෙන් දැනුවත් බවකින් යුතු තර්කාන්විත රට වැසියන් රටක් සතු වීම රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමවත්ව හසුරුවාලීමේලා මහඟු පිටුවහලක් වේ.ඒ අනුවසංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ආර්ථික විද්‍යා විෂය ධාරාව සඳහා වඩා වැදගත් ස්ථානයක් හිමි විය යුතු වුවද වර්තමානයේ දැක ගත හැකි ක්‍රමයෙන් විෂයෙන් ඉවත් වීමේ තත්ත්වය රටේ ආර්ථිකය හැසිරවීමේ දී ඉදිරි කාලය තුළ ගැටළුකාරී තත්ත්වයන් නිර්මාණය වීමේලා හේතු සාධක විය. හැක. එසේම සිසුන් විෂය හැදෑරීම සඳහා යොමුවීමේ ස්වාභාවය ඔස්සේ ලංකාව තුළ ආර්ථික විද්‍යාව විෂයේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ යම් ඉඟියක් ද සපයා ගැනීමේ අවස්ථාව පවතී.තව දුරටත් මෑත කාලීනව විෂය සඳහා පවතින ඉහළ Z-SCORE* මය අගය, විෂය නිර්දේශයේ වෙනස්වීම් ආදී කරුණු හේතුවෙන් ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පෙර පැවති තත්වයට වඩා වෙනස් ප්‍රවනතා නිර්මාණයේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවත්නා බව පෙනී යයි. එබැවින් මෙම සියළුම කරුණු සලකා බලා විෂය සම්බන්ධයෙන් පවතින මෙම විචලතා පිළිබඳ විධිමත් ලෙස හේතු කාරණා විමසීමක් සිදු කෙරෙනා නිසි අධ්‍යයනයක් සිදුකිරීම වැදගත් වේ. ඒ අනුව එම පර්යේෂණ පරතරය මුල් කර ගනිමින් ආර්ථික විද්‍යා විෂයෙහි කාලීන විචලතා සම්බන්ධයෙන් ක්‍රමවත් ලෙස කරුණු අධ්‍යනයක් සිදු කිරීම මෙම අධ්‍යයනය තුලින් අපේක්ෂා කෙරේ.
dc.identifier.citationPeradeniya Economics Research Symposium (PERS) -2014, University of Peradeniya, P 95-102
dc.identifier.urihttps://ir.lib.pdn.ac.lk/handle/20.500.14444/6469
dc.publisherපේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
dc.subjectආර්ථික විද්‍යා විෂය
dc.subjectසිසුන් ප්‍රමාණය
dc.subjectවිෂයෙහි ප්‍රවණතාව
dc.titleපාසල් හා විශ්ව විද්‍යාල මට්ටමින් ආර්ථික විද්‍යා විෂය හැදෑරීමේ වර්තමාන ප්‍රවනතාව

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Samanmala-1.pdf
Size:
100.13 KB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed to upon submission
Description:

Collections