කෙසෙල් නිෂ්පාදනය හා වෙළඳාම පිළිබඳ ලාභ පිරිවැය විශ්ලේෂණයක්

dc.contributor.authorලක්ෂ්මි, ජී. පී. එන්.
dc.contributor.authorරණතිලක, එම්. බී.
dc.date.accessioned2025-11-25T05:07:01Z
dc.date.available2025-11-25T05:07:01Z
dc.date.issued2017-10-12
dc.description.abstractහැඳින්වීම ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන පළතුරු වගාවන් අතුරින් වැදගත් හා ආකර්ෂණීය කෘෂිකාර්මික නිෂ්පාදන විශේෂය ‘කෙසෙල්’ වාර්ෂික බෝග වගාවයි (Vidanagama & Priyathilake, 2010). මෑත කාලීනව ශ්‍රී ලංකාවේ කෙසෙල් නිෂ්පාදන ව්‍යාප්තිමය ඉහළ යාමක් වාර්ත වුවද ඒ හා සම්බන්ධ ලාභ පිරිවැය අනුපාතයේ ක්‍රමික අඩුවීමක් වාර්තා වේ (Kudagamage et al 2002). කෙසෙල් අලෙවිකරණය සබඳතා රාශියක් දක්වන සංකීර්ණ දාමයක් වන අතර ඒ සඳහා සම්බන්ධවන්නන් එකිනෙකාට අසමාන ප්‍ර්‍රතිලාභයන් භුක්ති විදිනු ලබයි (Deshmukh et al. 2003, Mukul and Rahaman, 2013). අතරමැදිකරණ දාමයක් යනුවෙන් මෙහිදී අදහස් වන්නේ 'කෙසෙල් ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදනයන් සහ වටිනාකම් හුවමාරු වීම සඳහා නිර්මාණය වී පවත්නා සබඳතා ජාලයයි' (Kudagamage et al. 2002). එහි තීව්‍රතාව අතරමැදිකරණ ජාලය හා සම්බන්ධ වන්නන් ප්‍ර්‍රමාණය ගණුදෙනු වාර ගණන මත තීරණය වේ. එහි ලාභය භූමිය, ශ්‍රමය ඇතුළු අනෙකුත් යෙදවුම් මූලාශ්‍රයන්ගේ පිරිවැය උච්චාවචනය, පූර්ව හා පසු අස්වනු නාස්තීන් ඇතුළු කෙසෙල් නිෂ්පාදන පාර්ශවීය සාධක මත තීරණය වේ (Ambio, 2013, Perming, 2013, Joel, 2005) වෙළඳපල අර්ථයෙන් සැළකූ විට ප්‍රවාහනය, ගබඩාකරණය, පසු අස්වනු නාස්තිය, වෙළඳපල අවිනිශ්චිතතා, විවිධ අතරමැදිකරණ ස්වරූපයන් යන වෙළඳපල සාධක මත ලාභය තීරණය වේ (Singgih & Woods, 2003,Osman et al 2015, Nzioka, 2009). ශ්‍රී ලංකාවේ කෙසෙල් වෙළඳපල අතරමැදිකරණය මාධ්‍යයන් රාශියක් ඔස්සේ සම්බන්ධීකරණය වන අතර (Gray 1997) අතරමැදිකරණ ජාලය මූලික වශයෙන්ම ග්‍රමීය වශයෙන් නිර්මාණය වී ඇති පොළ (Fair) ක්‍රමවේදය ඔස්සේ විකාශනය වේ. මෙහිදී 'පොල' වශයෙන් මූලිකව හඳුනා ගැනෙන්නේ කුඩා පරිමාණයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් ගණනාවකින් සමන්විත අංඟනයකි (Jayathilaka, 2007). ශ්‍රී ලංකාවේ කෙසෙල් පළතුරු වගාව සම්බන්ධ මූලික තත්ත්වයන් විමසීමේදී එම අංශය මුහුණ දෙන වර්ධන ව්‍යාප්තිමය ප්‍රවණතාව සමඟ නිෂ්පාදන හා ඵලදායිත්වය අතර පරතරය පුළුල් වීම, නිෂ්පාදනය සහ ඵලදායීත්වය පහළ මට්ටමක සාපේක්ෂ ස්ථාවර හැසිරීමක් පෙන්නුම් කිරීම, කෙසෙල් නිෂ්පාදනය හා ඒ සඳහා දරන ලද පිරිවැය අතර පරතරය උච්චාවචනය වීම හා ඉහළ යාම, ලාභදායිත්වය ක්‍රමයෙන් පටු වීම, කෙසෙල් නිෂ්පාදකයන්ගේ ගොවිපල මිල කාලීනව ඉහළ යාමක් හඳුනා ගතහැකි වුවද පිරිවැය ඉහළ යාම මත ශුද්ධ ආදායම්හි අඩුවීමක් පැවතීම වෙසෙසි ලාක්ෂණිකයන් වේ (කුඩාගමගේ සහ චන්ද්‍රසිරි 2002). මෙම තත්වයන් අවම කරගනිමින් ලාභදායිත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්තිමය නව්‍යතාවන් සඳහා නිෂ්පාදන හා වෙළඳපල ලාභ-පිරිවැය අනුපාතයේ හැසිරීම විස්තර කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහිත අධ්‍යයන අවශ්‍යතාව පවතී. ලාභදායිත්වය කෙරෙහි බලපෑම් කරන සුවිශේෂී සාධකය වන අතරමැදිකරණ දාමයේ ව්‍යුහමය සබඳතාව හඳුනා ගනිමින් කෙසෙල් නිෂ්පාදනය හා වෙළඳපල සඳහා ලාභ-පිරිවැය විශ්ලේෂණයක් සිදුකිරීම යෝජිත පර්යේෂණය තුළින් අපේක්ෂිතය. ශ්‍රී ලාංකික පාරිභෝගික හා නිෂ්පාදක ජනතාවගේ කෙසෙල් නිෂ්පාදන හා පාරිභෝජන විභවතා පුළුල් කිරීමට අදාල හඳුන්වාදීම් හා කාලීන ප්‍රතිපත්තිමය අවශ්‍යතා අරමුණු කරගනිමින් යෝජිත මෙම අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ.
dc.identifier.citationPeradeniya International Economics Research Symposium (PIERS) – 2017, University of Peradeniya, P 165 - 169
dc.identifier.isbn9789555892005
dc.identifier.issn23861568
dc.identifier.urihttps://ir.lib.pdn.ac.lk/handle/20.500.14444/6991
dc.language.isoother
dc.publisherUniversity of Peradeniya
dc.subjectලාභ පිරිවැය විශ්ලේෂණය
dc.subjectකෙසෙල් වගාව
dc.subjectඅලෙවිකරණය
dc.titleකෙසෙල් නිෂ්පාදනය හා වෙළඳාම පිළිබඳ ලාභ පිරිවැය විශ්ලේෂණයක්
dc.typeArticle

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
P.P.N.Lakshmee - PIERS 2017.pdf
Size:
647.35 KB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed to upon submission
Description:

Collections