වී නිෂ්පාදනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව හා එහි ප්‍රතිඵල වර්තමාන කෘෂිකාර්මික ගැටලූවලට විසදුම් ලෙස යොදා ගතහැකි ආකාරය

Abstract

හැඳින්වීම කෘෂිකාර්මික අංශය වනාහි ශ්‍රි ලංකා ආර්ථීකය තුළ ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියාකරන අංශයකි. අතීතයේ සහලින් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රි ලංකාව තුළ වර්තමානය වනවිට වී නිෂ්පාදනයේ පහළ යාමක් දක්නට ලැබේ. 2015 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයට වී නිෂ්පාදනය දැක්වූ දායකත්වය 0.9%වූ අතර 2016 වනවිට එය 0.6 % දක්වා අඩු වී තිබේ (Athukorala and Wilson,2016). එසේ ම වී නිෂ්පාදනය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට දැක්වූ දයකත්වය ද 2015 වර්ෂයේ දී සියයට 3.8 ක් වූ අතර 2016 වන විට සියයට - 6.3 දක්වා අඩු වී තිබේ (ශ්‍රී ලංකා මහ බැංකුව 2015-2016). එපමණක් නොව වර්තමානය වන විට සමස්ත කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තියේ අඩු වීමක් ද දක්නට ලැබේ. එය 2013 දී 29.7%ක් ද, 2014 දී 28.5%ක් ද, 2015 දී 28.2%ක් ද, 2016 වනවිට 27.1% දක්වා අඩු වී තිබේ. මීට අමතරව වී නිෂ්පාදනයේ එලදායිතාවය ද අඩු වී තිබේ. එය අනාගතය වන විට තව තවත් අඩුවීම සිදු වුවහොත් අප රටට එය විශාල ගැටලූවක් වනු ඇත. එමනිසා දිනෙන් දින වර්ධනය වන ජනගහනය අනුව වී නිෂ්පාදනය වැඩි කිරීමටත්, පරිසර හිතකාමී පළිබෝධ නාශක හඳුන්වාදීම, ජල කළමණාකරණය, වාරි පද්ධති වැඩි දියුණු කිරීම, වැඩි අස්වැන්නක් ලබා ගැනීම වැනි අංශ හරහා කෘෂිකාර්මාන්තය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ (ශ්‍රී ලංකා මහ බැංකුව 2015-2016). මෙම පර්යේෂණය අනුව සාකච්ඡා කරන වී නිෂ්පාදනයේ තාක්ෂණික කාර්යක්ෂමතාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කාර්යක්ෂමතාවය හා තාක්ෂණික කාර්යක්ෂමතාවය යන්න හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. සාම්ප්‍රදායික සංකල්පයට අනුව කාර්යක්ෂමතාවය යන්න M. J. Farrell විසින් තාක්ෂණය, විභේදනය හා ආර්ථීකය යන සංරචක තුන යටතේ හඳුන්වා දී තිබේ. එමෙන් ම තාක්ෂණික කාර්යක්ෂමතාවය යනු නිෂ්පාදනයේ ඉහළ මට්ටමක් ළඟා කර ගැනීම සඳහා ඒකාකාර යෙදවුම් මට්ටමක් යොදාගැනීමයි (Abdulai & Huffman, 2000). තාක්ෂණික කාර්යක්ෂමතාවය මඟින් අඩු යෙදවුම් මට්ටමක් තුළින් ඉහළ මට්ටමේ භෞතික නිමැවුම් මට්ටමක් ලබා ගැනීමක් සිදු වේ. එහිදී තිඛෙන යෙදවුම් වැඩි නොකර පවතින යෙදවුම්වල එලදායිතාවය වැඩි කරගත හැකි ආකාරය අධ්‍යයනය කරයි. එමනිසා වී ගොවියාගේ තාක්ෂණික කාර්යක්ෂමතායේ අධ්‍යයන වපසරිය හරහා වර්තමානයේ ප්‍රාදේශීය වශයෙන් වී නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය පිළිබඳව තහවුරු කර ගැනීමටත්, ඒ හරහා වී නිෂ්පාදනයේ අස්වැන්න වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා නිර්දේශයන් සකස් කිරීමටත්, එමඟින් වර්තමානයේ පවතින ගැටලූ වලට විසඳුම් ඉදිරිපත් කිරීමටත් හැකියාව ලැබේ.

Description

Citation

Peradeniya International Economics Research Symposium (PIERS) – 2017, University of Peradeniya, P 170 - 175

Collections