Pali grammatical traditions in Medieval Sri Lanka : a historical and conparative study of the Rupasiddhi and the Payogasiddhi

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

University of Peradeniya

Abstract

මෙම පර්යේෂණය ලාංකේය ඉතිහාසයේ මධ්‍යතන යුගයට අයත් සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණ සම්ප්‍රදාය මත පදනම් වුවකි. වෙසෙසින්ම මෙය කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායට අයත් රූප සිද්ධිය හා මොග්ගල්ලායන සම්ප්‍රදායට අයත් පයෝග සිද්ධිය පිළිබඳ ඓති‍හාසික හා තුලනාත්මක අධ්‍යයනයකි. එය සිදු කරන ලද්දේ පරිච්ඡේද පසකිනි. සෑම පරිච්ඡේදයකම උප බෙදීම් ඒකක නමින් හඳුන්වා ඇත. පළමු පරිච්ඡේදයෙහි පාලි භාෂාවේ භාෂාමය හා ව්‍යාකරණ සම්ප්‍රදායමය පසුබිම විමර්ශනය කෙරෙයි. එහි ඒකක සයකි. ඉන් පළමුවැන්න පාලි භාෂාව පිළිබඳ වාග් විද්‍යාත්මක හැදින්වීමකි. එමෙන්ම පාලියේ ඓතිහාසික සංවර්ධනය පිළිබඳ ශයිද විචාරාත්මක හා පද විචාරාත්මක විමර්ශනයකි. දෙවැනි ඒකකය පාලි භාෂාව හා ව්‍යාකරණය පිළිබඳ මතවාද විමර්ශනයකි. මධ්‍යතන අවධිය දක්වා පාලි ව්‍යාකරණ අධ්‍යයනයේ ස්වරූපය හා පාලි ව්‍යාකරණ සම්ප්‍රදාය පිළිබඳ සාකච්ඡාවක් තෙවැනි හා සිව්වැනි ඒකකයන්ට ඇතුළත්ය. පස්වැනි සවැනි ඒකක අදාළ ග්‍රෂ්ට දෙකෙහි මුලිත තොරතුරු විමර්ශනයන්ය. දෙවැනි පරිච්ජේදයේ ඇතුළත් වන්නේ රූප සිද්ධි - පයෝග සිද්ධි ග්‍රන්ථ දෙකෙහි පාරිභාෂිත ශබ්දවලා සත් සන්දනයකි. මෙම පරිච්ජේදයේ ඒහත ඛෙදා ඇත කෙ භාග්විද්‍යාත්මක තරුණ පදනම් කරගෙනය. මෙම පර්යේෂණයේ කුඩාම පරිච්ඡේදය තෙවැන්නයි. එහි සාකච්ඡාවන්නේ මෙම ග්‍රන්ථ දෙකෙහි ශිල්ප ක්‍රමයන්ය. අවසන් පරිච්ජේද දෙක මෙම පර්යේෂණයේ වැදගත් පරිච්ඡේද වෙයි. ඒවා උක්ත ග්‍රන්ථ දෙකෙහි විපාකරණ ලක්‍ෂණ පිළිබඳ තුලනාත්මක විමර්ශනයන්ය. ඒ අනුව සිව්වැනි පරිච්ජේදයේ දී අක්ෂරමාලාව, සන්ධි. නාම, කාරක, සමාස, තද්ධිත යන වංශ කරණ ලක්ෂණ විමසා ඇත. පස්වැනි පරිච්ඡේදයේ දී යාතූන් ආශ්‍රයෙන් තැනෙන ව්‍යාකරණ පද වන ආඛ්‍යාත, කිතක දෙක විමසා බැලෙයි. එම පස්වැනි පරිච්ඡෙදය කෙළවර ව්‍යාකරණ ලක්‍ෂණ තුලනයෙන් සාධනය වූ විශේෂ කරුණු දක්වා ඇත. අවසානයේ පර්යේෂණයේ සමාලෝචනය හා නිගමනය දක්වා ඇත.

Description

Citation

Collections