ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු අංශයේ ඵලදායීතාව කෙරෙහි බලපාන සාධක
Loading...
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
University of Peradeniya
Abstract
හැඳින්වීම
තේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ මූලික විදේශ විනිමය ඉපැයීම් මූලාශ්‍රයක් වේ. තේ වගාව මූලිකව ම වතු අංශය හා කුඩා තේ වතු අංශය ලෙස කොටස් දෙකකින් යුක්ත ය. ව්‍යවස්ථාවට අනුව කුඩා තේ වතු යන්න අර්ථ දක්වන්නේ තේ වගා කරන අක්කර 20 කට වඩා අඩු භූමි ප්‍රදේශයක් පවතින්නක් යනුවෙනි (සුබසිංහ ඇතුළු පිරිස, 2013). ඕනෑම නිෂ්පාදනයක් සඳහා යොදාගනු ලබන යෙදවුම් හා නිමැවුම් අතර අනුපාතික සම්බන්ධතාවය ඵලදායීතාවය ලෙස අදහස් වේ. නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ දී යෙදවුම් කොපමණ හොඳින් භාවිත කරන්නේ ද යන්න ඵලදායීතාවය තුළදී සලකා බැලීම සිදු කරයි. නිෂ්පාදනයක් සිදු කිරීමේ දී යෙදවුම් නිසි ලෙස මෙහෙයවන්නේ නම් ඵලදායීතාවය ඉහළ නැංවිය හැකිය. තේ වගාවේ ඵලදායීතාවය කෙරෙහි බලපාන සාධක විශාල ප්‍රමාණයක් පවතී. තේ වගාව සඳහා අවශ්‍ය ප්‍රශස්තම උෂ්ණත්වය සෙල්සියසස් අංශක 22 ⁰C පමණ වේ. විවිධ තේ වගා කරන කලාප වල තේ වගාව සඳහා අවශ්‍ය උපරිම වර්ෂාපතනය මසකට මිලිමීටර 223 සිට මිලිමීටර 417 අතර ප්‍රමාණයක් තුළ විචලනය වෙමින් පවතී (විජේරත්න ඇතුළු පිරිස 2007). යෙදවුම් නිසි ලෙස වගාව සඳහා යෙදීම තුළින් තේ වගාවේ ඵලදායීතාව ඉහළ නංවා ගත හැකි ය.
විදේශ විනිමය කෙරෙහි ප්‍රබල දායකත්වයක් සපයන තේ කර්මාන්තයෙහි ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම රටේ දළ දේශීය නිෂ්පාදිතයට යහපත් වීම හේතුවෙන් තේ අංශයේ ඵලදායීතාවය විමසා බැලීම වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ තේ නිෂ්පාදනය අපනයන මූලාශ්‍රයක් ලෙස මෙන් ම පරිභෝජන මූලාශ්‍රයක් ලෙස ද හඳුනාගත හැකිය. කුඩා තේ ඉඩම්වල ඵලදායීතාවය දියුණු කර ගැනීමට නම් යහපත් කළමනාකරණයක් හා කාර්යක්ෂම පාලනයක් පැවතීම අවශ්‍ය වේ. එසේම තේ වගාවේ නිෂ්පාදන වියදම අඩු කිරීමට ඉවහල් වන ක්‍රම සැකසීම තුළින් ද තේ වගාවේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සිදු කළ හැකිය. ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආශ්‍රිතව කුඩා ඉඩම් යොදාගෙන තේ වගාව සිදු කරනු ලබයි. ඒ අතරින් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය ආශ්‍රිතව පවතින කුඩා තේ වතු අංශයේ ඵලදායීතාවයේ ස්වභාවය හා ඵලදායීතාව සඳහා බලපාන සාධක සොයා බැලීම මෙම අධ්‍යයනය මඟින් අපේක්ෂා කරයි.
Description
Keywords
Citation
Peradeniya International Economics Research Symposium (PIERS) – 2017, University of Peradeniya, P 176 - 180