An Analysis of the importance of buddhism as a philosophy of life for modern society
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
University of Peradeniya
Abstract
දර් ශනයක් හා වරණයක් ඇති චින්තනය ජීවන දර්ශනයක් වන්නේ ය. බුදුසමය වරණයක් වශයෙන් අගය කිරීමේ දී භාරතිය දර්ශනය සමඟ තුලනය කළ යුතු යැයි සිතූ බැවින් මෙහි පළමු පරිච්ජේදයෙන් එම කාර්යය කිරීමට උත්සාහ ගතිමි. එහි දී භාරතීය චින්තනයේ මෙන් ම බුදු සමයේ ද ක්රමික සංවර්ධනය පිළිබඳ දළ විමර්ශනයක් කළ අතර බුදු සමයට එම චින්තනයේ හිමි ස්ථානය ප්‍රකට කිරීමේ දී රාධා ක්‍රිෂ්ණන් මහතාගේ මත කෙරෙහි වැඩි අවධානය යොමු කළෙමි. බුදු සමය දර් ශ නයක් වශයෙන් අගය කිරීමේ දී එය බටහිර දර්ශනය සමඟ තුලනය කිරීමට දෙවැනි පරිච්ජේදයේ දී පෙළඹුණි. එහි දී බටහිර දර්ශනයේ ස්වභාවය හා ගමත් මාර්ගය පිළිබඳ විමර්ශනයක් කරමින් බුදුසමය ජීවත දර්ශනයක් වන අයුරු සාකච්ජා කළෙමි. බුදු සමය ජීවත දර්ශනයක් වශයෙන් ඇගැයීමක දී මිනිසා පිළිබඳ විග්රහයට ප්රමුඛත්වයක් ලබා දිය යුතු හෙයින් තුන් වැනි පරිච්ඡේදයෙහි ත්රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය සහ නිවන පිළිබඳ විචාර පූර් වක විග්‍රහයක් කළෙමි. මුල් බුදුසමය ඇසුරින් මෙම විමර් ශනය කළ අතර එහි දී ඒ ඒ සිද්ධාන්ත පිළිබඳ ඇති දුර් මතයන් සකාරණව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළෙමි. ජීවන දර් ශනයේ ප්‍රභේද වශයෙන් අපරදිග දර් ශනය සලකන ඥාන විභාගය. විශ්වය පිළිබඳ විග්‍රහය, ආචාර විද්‍යාව සහ සමාජ දර් ශනය වැනි ප්‍රභේද බුදු සමයේ ද ඇති බව ප්‍රකට කිරීමට අමුතු උත්සහයක් නොදැරූ අතර ඒවා බුදු සමයේ ජීවත දර් ශනයෙහි ප්‍රභේද වන බව මෙහි සිවු වැනි පරිච්ජේදයෙන් පෙන්වීමට උත්සාහ කළෙමි. නුතන කාර් මික සමාජයේ ව්‍යුහය පිරික්ෂිමේදී මානව ඉරණම ශෝචනීය වී ඇති බව පෙනේ. එයට සාම්ප්‍රදායික ආශා පතින් නිසි උපදේශනයක් නොලැබෙන බැවින් මානවවාදීන් මෙන් ම මාක්ස්වාදීන් ද සමාජ අවශ්‍යතාවත් පිරිමැසීමට ඉදිරිපත් වු ආකාරයෙන් ම විද්‍යාත්මක චින්තනය ද එවැනි කාලීන අවශ්‍යතාවන් සපුරන බවත් විශ්වාස කෙරේ. ඒ සියලු චින්තනයන්හි අරමුණ හා අපේක්ෂාව මානව සාධාරණත්වය ඉටු කිරීම ය. මෙවැනි ඉගැන්වීම් පසුබිමක බුදු සමයට හිමි තැන සාකච්ඡා කිරීමට මෙහි පස් වැනි පරිච්ඡේදයෙන් උත්සාහ ගතිමි. නුතන මානවවාදී සැම චින්තනයක හරය බුදු සමයේ ගැබ්ව ඇත. එම චින්තනයන්හි භෞතිකවාදී ස්වරූපය බුදුසමයෙහි ප්‍රතික්ෂේප කෙරෙන අතර පරලොව විශ්වාසය අවධාරණය කෙරෙමින් සමාජ හා ආධ්‍යාත්මික ආචාර ධර්මයක් ඉදිරිපත් කෙරේ. එබැවින් බුදුසමය නුතත්ත සමාජයට උචිත ජීවත දර්ශනයක් වන බව පෙන්වීමට පස් වැනි පරිච්ඡේදයෙහි ප්‍රයතන දැරිණි. මෙහි දී මුල් බුදුසමයට ප්රමුඛත්වයක් දුන් අතර තිබන්ධයේ ශාස්ත්‍රීය බව රකිනු පිණිස බටහිර දර්ශනය උචිත තැන්වල දී උපයෝගි කරගතිමි. එසේම මෙම පර්යේෂණයේ දී දේශීය වියතුන්ගේ ඒ හා සම්බන්ධ දේශන හා පරියෝපණ ලිපි වැඩි අවධානයකින් ඇසුරු කළ අතර එවැනි ම පොත් ප්රාසාංගිස වශයෙන් ඇසුරු කළෙමි. ඉංග්‍රීසි පතපොත අවශ්‍ය තැන්වල දී පරිශීලනය කිරීමට උත්සුක වීමි. එසේ මෙම පර්යේෂණය පරිගණත ත්රමයට ලිවීමේ දී තිබස් සහ සන්ධ්‍යා යන අත්පර භාවිත කිරීමට සිදු වූයෙන් අක්ෂරයන්හි සුළු වෙනසක් පෙන්නුම් කෙරේ.