ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ සංඛ්‍යාත්මක අඩුවීමට සාපේක්ෂව ආර්ථීකයේ අසමානතාවය වෙනස්වීම

Loading...
Thumbnail Image

Journal Title

Journal ISSN

Volume Title

Publisher

University of Peradeniya

Abstract

හැදින්වීම ගෝලීය සංවර්ධන සන්දර්භය තුළ දරිද්‍රතාවය යන සංකල්පය වර්තමානය වන විට සංවර්ධන ගැටළුවක් වශයෙන් සියලූම ආර්ථීකයන් පොදුවේ මුහුණදෙන ගැටළුවක් බවට පත් වී තිබේ. දරිද්‍රතාව යන සංකල්පය ගෝලීය වශයෙන් හඳුනා ගැනීමේ දී මුල් කාලයේ දී දරිද්‍රතාව යන්න මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන සම්පත් හිඟතාවය ලෙස හඳුනාගනු ලැබුණු අතර වර්තමානය වන විට එය විස්තීර්ණ සංකල්පයක් බවට පත්ව තිබේ. දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබඳව වන කතිකාව ශ්‍රී ලංකාව තුළ මූලිකව සාකච්ඡාවට බඳුන් වීම ඇරඹෙන්නේ 1940 දශකයේ සිට ය (ආර්ථීක විමසුම, මහජන බැංකුව). ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව තුරන්කිරීම හා අසමානතාවය අවම කිරීම සඳහා වන අවශ්‍යතාවය ඒ අනුව 1940 දශකයේ සිට මෙරට ඉස්මතු විය. ඒ අනුව මෙරට දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන විවිධ වැඩසටහන් ක්‍රියාවට නන්වන ලදී. ඒ අනුව ක්‍රියාත්මකවන ලද ආහාර සහනාධාර වැඩසටහන (1940), ආහාර මුද්දර ක්‍රමය (1979), ජනසවිය (1988), සමෘද්ධි සහනාධාර වැඩසටහන (1994) ආදි වැඩසටහන් ප්‍රධාන වේ. වසර 2018 වන විට දරිද්‍රතාවයේ සැළකියයුතූ ප්‍රතිශතක අඩුවීමක් පෙන්නුම් කරන අතර ඊට සමගාමීව සම්පත් ඛෙදීයාමේ විෂමතාවයට සිදුවී තිඛෙන බලපෑම අධ්‍යනය මේ ඇසුරෙන් අපේක්ෂා කෙරේ. දරිද්‍රතාවය යනු ගෝලීය සංවර්ධන ගැටලූවකි. දරිද්‍රතාවය හෙවත් දුප්පත්කම යන්න සරලව හදුන්වාදිය හැක්කේ අවම වශයෙන් මූලික අවශ්‍යතාවන් වත් සපුරාගත නොහැකි තත්වයක් ලෙසය (මූලික අවශ්‍යතා ප්‍රවේශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1970). එහෙත් දරිද්‍රතාව සඳහා වන නිශ්චිත නිර්වචනයක් නොමැති අතර විවිධ නිර්වචනයන් පවතී. දරිද්‍රතාවය යනු ප්‍රමාණවත් නොවන ආර්ථීක සම්පත් හා පරිභෝජනය සමඟ සම්බන්ධ වී ඇති ශාරීරික හා මානසික යහපැවැත්මේ හිඟකමයි (Baratz & Grigsdby 1971). දරිද්‍රතාවය යනු තනි පුද්ගලයෙකු හෝ කුටුම්බයක් විසින් තම මුලික අවශ්‍යතාවයන් හොදින් සපුරා ගැනීමේ ඉඩප්‍රස්ථා වලින් බැහැරව, තිරසාරත්වය හා යහපැවැත්මෙන් යුතුව ජීවත්වීමේ තත්වය අහිමි කිරීමට හේතුවන්නකි (Barat,2007). එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනයට අනුව දරිද්‍රතාව යනු තෝරා ගැනීම් අවස්ථාවන්හි පවතින හිඟ කමයි. මේ අනුව දරිද්‍රතාවය හුදෙක් මුල්‍යමය හිඟකමක් හෝ ආර්ථීකමය හැකියාවන්ගේ අඩුකමක් ලෙස අර්ථ දැක්විය නොහැකිය. එය සමස්ත ආර්ථීක, සමාජ, දේශපාලනික හා සංස්කෘතිකමය ඌනතාවයන් ඇසුරින් ඉස්මතුවන තත්වයක් ලෙස පොදුවේ නිර්වචනය කළ හැකිය.

Description

Citation

Peradeniya International Economics Research Symposium (PIERS) – 2018, University of Peradeniya, P 147 - 152

Collections